Sunday, October 20, 2013

2012 අධ්‍යයන වර්ෂයේ සිසු/ සිසුවියන් සදහා NVQ Level 2 විභගය පැවැත්වීම

2012 අධ්‍යන වර්ෂය තුල තිස්සමහාරාම නැණසල මධ්‍යස්ථානය මගින්  NVQ Level 2 විභගය සදහා පෙනි සිටීමට අයදුම් කල සිසු/ සිසුවියන් සදහා විභාගය පැවැත්වීම මෙම මාසයේදී අප නැණසල මධ්‍යස්ථානයේදී සාර්ථකව සිදු කරන ලදි.

Pre - Assessment :    2013/10/05
Venue:                      @ Nenasala - Tissamaharama


Assessment:               2013/10/18


Assessors  :               G.W.U. ක්‍රිෂාන්ත   -   CBA/0943/2010
                                 J.D.L.  චන්දිමාල්   -    CBA/01072/2011


NVQ Level 2 විභගය සදහා පෙනි සිට විභාගයෙන් සාර්ථක ලෙස සමත් වු සැමට නැණසල කාර්යය මණ්ඩලයේ සුභ පැතුම් !!!!!!!!!!







Monday, September 2, 2013

2013 උසස් පෙළ විභාගය අවසන් කල සිසු/ සිසුවියන් සඳහා පාඨමාලා ආරම්භය අදයි

2013 උසස් පෙළ විභාගය අවසන් කල සිසු/ සිසුවියන් සඳහා තිස්සමහාරාම නැණසල මධ්‍යස්ථානය විසින් පවත්වනු ලබන පරිගණක පාඨමාලා සඳහා සිසු/ සිසුවියන් බඳවා ගැනීමේ ආරම්භක දිනය අදයි. තිස්සමහාරාම/ කතරගම/ කිරින්ද/ ලුණුගම්වෙහෙර ආදි  ප්‍ර දේශවල සිටින සිසු/සිසුවියන් සඳහා පාඨමලා ආරම්භය අද දින සිට සිදුවේ.  

NVQ Level 3 – COMPUTER CERTIFICATE CCOURSE FOR APPLICATION ASSISTENT
DIPLOMA IN COMPUTER STUDIES
DIPLOMA IN HARDWARE ENGINEERING
GRAPHIC DESIGNING0
BPO (BUSINESS PROCESS OUTSOURCE ) & WEB DESIGNING WORK SHOP


සියළුම පාඨමාලා විස්තර සදහා පහත අංක මගින් විස්තර ලබා ගත හැක.

047 2239439
077 3795335
071 8103989


සුභ අනාගතයක්.........

Friday, July 12, 2013



අන්තර්ජාලය තුලින් මුදල් ඉපැයීම

වර්ථමානය වන විට ලොව පුරා පරිගණක පරිශීලකයින් වෙනත් සථානයක ඇති කටයුතු අන්තර්ජාලය තුලින් සිදු කර මුදල් ඉපැයීම (BPO - ) විශාල වශයෙන් සිදු කරනු දැකිය හැක. මෙසේ තම දැනුම භාවිතා කරමින් වෙනත් ස්ථානයක ( තම රටේ හෝ වෙනත් රටක ) ඇති කාර්යයන් සිදු කරන කිසියම් ආයතනයක් හෝ පුද්ගලයකු හා නොබැදී ( freelance ) දැනුම විකිණිම ආසියාතික හා යුරෝපීය පරිගණක ආශ්‍රිත වෘත්තිකයන්  යොමු වී ඇති අතර මොවු නිදහස් වෘතිකයින් සේ විශාල වශයෙන් මුදල් ඉපැයීම සිදු වේ.

ආසියාතික රටක් වශයෙන් ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රජාව මේ පිළිබඳ උද්යෝගිමත් නමුත්, BPO කර්මාන්තයේ යෙදීම සදහා වන ශිල්පීය දැනුම හා පලපුරුද්ද නොමැති කම නිසා විශාල වශයෙන් අප රටට උපයා ගත හැකි මුදල් අපතේ යනු දැකිය හැකිය. වර්ථමානය වන විට ඉදංදියා, පකිස්ථානය හා බංගලාදේශයේ තරුණ ප්‍රජාව තම දැනුම හා ශිල්පීය නිපුණතාවය භාවිතා කරමින් කර්මනතයේ නියැලී සිටී.

කෙසේ වෙතත් මේ වන විට ශ්‍රී ලංකාව තුල මෙම සංකල්පය වැරදි ලෙස භාවිතා කරමින් ජනතාව මුලා කරමින් සංවිධානාත්මකව මුදල් උපයන ව්‍යාජ ආයතන සේ පෙනි සිටිනන් බොහෝය. 2007 වර්ශයේදී ගල්කිස්ස ප්‍ර දේශයේ Seagul Software (Pvt.) Ltd. යන නාමයෙන් විශ්ව විද්‍යාල මහාචාර්යයවරුන් පවා රවටමින්, ඔවුන්ද භාවිතා කරමින් ලාංකීය තරුණ ප්‍රජාව රවටමින් රුපියල් කෝටි 400 ක පමන මුදලක්ද සමගින් එහි හිමිකරුවා වන ඉංදියානු ජාතික රාජ් කුමාර් නැමැත්තා අතුරුදහන් විය. මෙවැනි සිද්ධි මින් පසුවද සහ වර්ථමානයෙදීදි දැක ගත හැත.

මෙවැනි වංචනික ලෙස  (BPO) ක්‍රියත්මක වන ආතන වල ස්වරූපය හදුනා ගත හැකි ආසන්නතම ලක්ෂණය වන්නේ මෙවැනි ආයතන වල සාමාජිකත්වය ලබා ගැනීමට හෝ අදාල වැඩ (Task) ලබා ගැනීම සදහා මුදල් ලබා ගැනීමයි.

ඔබ ඔබගේ ශ්‍රම හෝ දැනුම භාවිතා කර අන්තර්ජාලය ඔස්සේ මුදල් ඉපැයීමට වෙත් කිසිවෙකුත් වෙත මුදල් ගෙවිය යුතු නැත. මන්ද, ඔබ විසින් ඔබේ දැනුම හෝ කුසලතාවය වෙනත් අයකුට විකිණු විට මුදල් ලැබිය යුත්තේ ඔබට වීම නිසාය.