Friday, April 29, 2011

අප ආ මඟ...............................



2005 වර්ෂයේ නැණසල දහස ව්‍යාපෘතියේ පළමු නැණසල මධ්‍යස්ථාන 20 අතුරින් එක් මධ්‍යස්ථානයක් ලෙස 2005 මැයි මස 26 වන දින මහසෙන්පුර ග්‍රාමයේදී ආරම්භ වු අප නැණසල මධ්‍යස්ථානය,  මෙතෙක් ආ ගමන් මගෙහිදී අප ප්‍රදේශයේ සිසු සිසුවියන් හා තරුණ ප්‍රජාවගේ තොරතුරු සන්නිවේදන හා පරිගණක සාක්ෂරතා මට්ටම  ඔප්නැංවීම සඳහා අප විසින් අප විසින් ලබාදුන් සවිය පිළිබඳව ඇත්තේ නිරිහංකාර ආඩම්බරයකි. දුෂ්කර යැයි  හදුන්වා දුන් ශුෂ්ක කලාපීය පසුබිමක පිහිටි තිස්සමහාරාමයේ නැණසල තුලින් චන්ද්‍රිකා  තාක්ෂණය භවිතා කරමින් අන්තර්ජාලයට 2005 වසරේදී පිවිසි අන්තර්ජාල පරිශිලකයින් ප්‍රමාණාත්මකව අද වන විට වර්ධනය වීමට නැණසල කල නිහඬසේවය මෙතෙකැයි කිව නොහැක. පරිගණකයක් භාවිතා කලද,  අන්තර්ජාලය පරිශිලනය කිරීමට වරම් නොලද පාසල් දරුදැරියන් හට ICTA ආයතනය හා එක්ව අප ලබා දුන් අවස්ථාව අද වන විට මල්ඵල දරා ඇත.