Activities


Small BPO Training Workshop held @ Nenasala - Tissa


තිස්සමහාරාම නැණසල මධ්‍යස්ථානය මගින් BPO පිළිබඳ උද්යොගීමත් අප නැණසල භාවිතා කරන තරුණ ප්‍රජාව වෙනුවෙන් එක්දින පුහුණු වැඩමුලුවක් 2013 ජුනි මස 17 දින පවත් වන ලදි. මෙහිදී තැන්පතුවක් හෝ යෙදවීමක් නොමැතිව අන්තර්ජාලය මගින් පහසුවෙන් මුදල් ඉපැයිය  හැකි ව්‍යාජ නොවන වෙබ් අඩවි හදුන්වා දීමත්, සමාජිකත්වය ලබා ගැනීම, ක්‍රියාත්මක කිරීම, තමා විසින් ඉපැයු මුදල් නිවැරදිව තමන්ගේ බැංකු ගිණුමකට බැර කර ගන්නා ආකාරය පිළිබඳව පුහුණු කරන ලදි. මෙම වැඩමුළුවේදී අප විසින් හදුනා ගන්නා ලද ගැටලුවක් වුයේ මේ පිළිබඳ රැචිකත්වය දක්වන්නන් අදාල කාර්යයන් සදහා ගැලපෙන මට්ටමේ හැකියා වලින් පිරිපුන් නොමැති වීමයි.



NVQ  LEVEL 3 – 2012  විභාගය

2012 වර්ෂයේ තිස්සමහාරාම නැණසල මධ්‍යස්ථානය තුලින් NVQ පාඨමාලාව හදාරා සාර්ථකව අවසන් කල සිසුන් සදහා පැවැත්වු විභාගය තිස්සමහාරාම නැණසල මධ්‍යස්ථානය තුලදීම    2013 ඔක්තෝම්බර් මස 18 වන  දින පැවැත්විණි.


Assessor  ID      CBA/0943/2010    &  CBA/1072/2011

පරිගණක සහතික  පත්‍ර පාඨමාලා  විභාගය
2013  -  දෙවන කණ්ඩායම

2012 වර්ෂයේ තිස්සමහාරාම නැණසල මධ්‍යස්ථානය තුලින් පරිගණක සහතික පත්‍ර  පාඨමාලාව හදාරා සාර්ථකව අවසන් කල සිසුන් සදහා පැවැත්වු පිරිගණක විභාගය තිස්සමහාරාම නැණසල මධ්‍යස්ථානය හා දෙබරවැව මැණික් රජමහා විහාරය පරිශ්‍රයන්  තුලදී    2013 දෙසැම්බර් මස 28 වන  දින පැවැත්විණි.


 



















පරිගණක සහතික  පත්‍ර පාඨමාලා  විභාගය
2013  -  පළමු කණ්ඩායම
2013 වර්ෂයේ තිස්සමහාරාම නැණසල මධ්‍යස්ථානය තුලින් පරිගණක සහතික පත්‍ර  පාඨමාලාව හදාරා සාර්ථකව අවසන් කල සිසුන් සදහා පැවැත්වු පිරිගණක විභාගය තිස්සමහාරාම නැණසල මධ්‍යස්ථානය හා දෙබරවැව මැණික් රජමහා විහාරය පරිශ්‍රයන්  තුලදීම    2013 නොවැම්බර් මස 20 වන  දින පැවැත්විණි.


විභාග ශාලාධිපති  -  වීරකිර්ති අන්ද්‍රහැන්නදි මහත්මා - විදුහල්පති, මහ විදුහල, විරවිල කු. ග. 10.


















පුරාවිද්‍යා දෙපාර්තමේනතුවේ තිස්සමහාරාම ශාඛාවේ 
නිළධාරීන් පදහා පැවැති පුහුණු පාඨමාලාවේ විභාගය 2014

2013 වර්ෂයේ තිස්සමහාරාම නැණසල මධ්‍යස්ථානය මගින් ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමෙන්තුවේ තිස්සහාරාම සේවා ස්ථානයේ නිළධාරීන් උදේසා පැවැතුවු පරිගණක සහතික පත්‍ර පාඨමාලාවට අදාලව  පැවැත්වු විභාගය තිස්සමහාරාම නැණසල මධ්‍යස්ථයේදී     2014 ජනවාරි මස 04  වන  දින පැවැත්විණි.








නව්‍යකරණ නැණසල ජනගත කිරීම

ශ්‍රී ලංකා ජනරයේ ජනපති අතිගරු මහින්ද රාජක්ෂ මැතිතුමණ්ගේ නැණසල දහස ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රජාව තොරතුරු තාක්ෂණයෙන් සවිබල ගන්වමින්, ග්‍රාමීය ප්‍රජාව වෙත තොරුතුරු හා සන්නිවේදන මෙවලම් භාවිතයට පුහුණු කරමින් ගෙවුනු කාලය වසර 09 කි. ගෙවුණු වසර 09 තුල ලාංකීය ජනතාවගේ තොරතුරු තාක්ෂණ සන්නවේදන සාක්ෂරතාවය 04% ක ආසන්න අගයක සිට වර්ථමානයේදී 35% දක්වා වර්ධනය කිරීමට පෙරමුණේ රාළ වුයේ ජනපතිඳුන්ගේ මෙම නැණසල දහස ව්‍යාපෘතියයි.


ගතවු වසර 09 ක් පුරාවට ග්‍රාමීය මට්ටමින් ජනතාවට  නැණසල මධ්‍යස්ථාන කල සේවය අගය කරමින් තොරතුරු හා සන්නිවේදන නියෝජත ආයතනයේ හා විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය ගරු රංජිත් සියඔලාපිටිය මැතිතුමන්ගේ මැදිහත් වීම මගින්  තෝරාගත් ක්‍රියාකාරි නැණසල මධ්‍යස්ථාන සදහා පරිගණක උපාංග ලබා දීම 2014 අගෝසතු මස 01 වැනි දින උත්සවාකාරයෙන්  කතරගම කිරිවෙහෙර පුදබිමේදී සිදු විය. නැණසල ව්‍යාපෘතියේ පථම නැණසල මධ්‍යස්ථානය වු කරගම කිරිවෙහෙර නැණසල මධ්‍යස්ථානය තුල  මෙම නව්‍යකරණ නැණසල ආරම්භක උත්සවය පැවැත්විණ. මෙහි ප්‍රධාන ආරාධියා ලෙස විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය රංජිත් සියඹලා පිටිය මැතිතුමන් සහභාගී වු අතර  ICTA ආයතනය වෙනුවෙන් අතුල පුෂ්පකුමාර, වසන්ත දේශප්‍රිය, ජනක මංජුල යන මහත්වරුන් සහභාගී වු අතර විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමා්‍යංශයේ ලේඛම් ගෝඨාභය ජයරත්න මැතිතුමන්ද සහභාගී විය.





No comments:

Post a Comment

Thank you for add comment on this site. Your comment will display soon.
Regards,
Asanka Eranda De Silva