Sunday, October 20, 2013

Intel Easy Step - Masters Training Programme

ඉන්ටෙල් ශ්‍රී ලංකා සමාගම ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන ආයතනය හා එක්ව ශ්‍රී ලංකාවේ නැණසල ජාලය තුලින් තොරාගන්නා නැණසල මධ්‍යස්ථාන 50 ක ක්‍රියාකරුවන් ඉන්ටෙල් ඊසි ස්ටෙප් මාස්ටර් වරුන් ලෙස පුහුණු කිරීම මෙම මාසයේ මුල් සතිය තුල සාර්ථකව පැවැත්වුණි. මෙම පුහුණු වැඩමුළු දෙකම මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේදී පැවැත්විණ. අප සහභාගී වු කණ්ඩායම, දෙවන කණ්ඩායම ලෙස ඹක්තොම්බර් මස 03/ 04 යන දෙදින පුහුණුව ලැබීය.

මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේදී කණ්ඩායම් දෙකක් ලෙස නැණසල ක්‍රියාකරුවන් පුහුණු කරන ලද අතර එහි දෙවන කණ්ඩායමේ සාමාජිකයකු ලෙසද එයට සම්බන්ධවීමේ අවස්ථාව තිස්සමහාරාම නැණසල මධ්‍යස්ථානයටද හිමි විය.

මෙම දෙදින පුහුණු වැඩමුළුව නැණසල හිමිකරුවන්ට වැදගත්කම් කිහිපයකින්ම යුක්තවිය.

  • නැණසල මධ්‍යස්ථාන තුලින් පරිගණක අධ්‍යාපනය ලබන ග්‍රාමීය ප්‍රජාව වෙත ජාත්‍යන්තර වටිනාකමකින් යුතු සහතික පත්‍රයක් (ඉන්ටෙල් ශ්‍රී ලංකා සමාගම + ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන ආයතනය) නිකුත් කිරීමේ හැකියා නුදුරු අනාගතයේදීම හිමිවීම.
  • ජාත්‍යන්තර මට්ටමේ පුහුණු වැඩමුළුවකට විදේශිය පුහුණුකරුවකු යටතේ සහභාගී වීමේ අවස්ථාව උදාවීම.
  • සාම්ප්‍රදායික ඉගැන්වීමේ කලාවෙන් බැහැරව ජාත්‍යන්තරවශයෙන් පිළිගන්නා Reading + Learning ක්‍රමවේදය යටතේ ඉගෙන ගන්නා + උගන්වන අකාරය පිළිබදව පුහුණුව ලැබීම.
  • ජත්‍යන්තර භාෂාව භාවිතකරමින් දෙදිනක් පුරාවටම පුහුණු සැසි පැවත්වීම තුලින් ඉංග්‍රීසි භාෂාව පිලිබද නැණසල ක්‍රියාකරුවන්ගේ උද්යෝගය වැඩිවීම දැක්විය හැකිය.

මෙම වැඩමුළුව තුලින් පුහුණුව ලැබූ නැණසල ක්‍රියාකරුවන්, ඉදිරියෙදී තම ප්‍රජාව සහ සහෝදර නැණසල මධ්‍යස්ථාන ක්‍රියාකරුවන් සාර්ථකව පුහුණු කරණු ඇතැයි තමන් බලාපොරොත්තුවන බව මෙහි ප්‍රධාන උපදේශක ලෙස කටයුතු කල ඉංදියානු ජාතික පුහුණු උපදේශකතුමා හා ලංකාවේ ඉන්ටෙල් ආයතනයේ ප්‍රධානීන්හු පැවැසුහ. එයට හේතුව ලෙස මෙවැනි පුහුණු සැසියක් සඳහා විශාල පිරිවැයක් දැරීමට සිදුවන බවද දන්වා සිටියහ.



No comments:

Post a Comment

Thank you for add comment on this site. Your comment will display soon.
Regards,
Asanka Eranda De Silva