Monday, February 17, 2014

09 වන වසරට පා තබන නැණසල ව්‍යාපෘතියට ජනපතිදුන්ගේ සුභාශිංෂණ


2014 ජනවාරි මස 01 වැනි දිනට 09 වන වසරට පා තබන, ශ්‍රී ලාංකිය ග්‍රාමිය ප්‍රජාව වෙත තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ගෙන යෑමේ භාරදූර ක්‍රියාවළියේ නියමු ව්‍යාපෘතිය ලෙස නැණසල දහසව්‍යාපෘතිය හදුන්වා දිය හැකිය. මෙම 09 වන වසරට පා තබන නැණසල දහස ව්‍යාපෘතියට තවත් දිරිය ලබා දෙන්නට, ක්‍රියාකාරීත්වය දැක බලා ගන්නට ව්‍යාපෘතියේ නියමුවානන් වු ශ්‍රී ලංකා ජනරජයේ අතිගරු ජනධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් ද, ජනාධිපති ආර්‍යයා ශිරන්ති රාජපක්ෂ මැතිණිය ඇතුළු සම්භාවණිය අමුත්තන්ද පැමිණියේය.

නැණසල දහස ව්‍යාපෘතියේ ප්‍රථම නැණසල මධ්‍යස්ථානය ලෙස කතරගම කිරිවෙහෙර නැණසල මධ්‍යස්ථානය ශ්‍රී ලංකා ජනරජයේ අතිගරු ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ සුරතින් වර්ෂ 2005 ජනවාරි මස 01 වැනි දින විවෘත විය. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන නියෝජිත ආයතනය (ICTA) පුර්ණ අනුග්‍රය යටතේ නැණසල දහස - මහින්ද වින්තනයේ දක්වා ඇති ගමට තාක්ෂණය ගෙන යෑමේ ක්‍රියාවළියේ සාර්ථකම ව්‍යාපෘතිය බවට  අද වන විට පත්ව ඇත.





No comments:

Post a Comment

Thank you for add comment on this site. Your comment will display soon.
Regards,
Asanka Eranda De Silva